යාළුවේ සිතින් හඬන්නෙපාyaaluwee sithin handannepaa

Yahaluwe Sithin Hadanna epa

පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

යාළුවේ සිතින් හඬන්නෙපා
මාළුවෝ තවත් හිඳී ජලේ 
ප්‍රේමයේ රඟේ
තාරුකා වගේ 
රෑ දිලී උදේ නිවී නිවේ
යාළුවේ සිතින් හඬන්නෙපා

සෑම ප්‍රේමවන්තයෝ
රෑ දිවා හැඬූ නෙතේ
බිංදු බිංදු ඈත පායලා 
සාගරේ තරංග සේ
හෝ හඬින් විලාප දේ 
ඒ උදාර ආදරේ අමා

යාළුවේ සිතින් හඬන්නෙපා
මාළුවෝ තවත් හිඳී ජලේ

ලෝ උපන් දිනේ පටන් 
ප්‍රේම වේදනා සුසුම්
මේ කුණාටු සීත මාරුතේ
දේශ දේශයේ පවා
ලෝ නිරන්තරේ දවා 
යෞවනේ නිසාලු යාළුවේ 

යාළුවේ සිතින් හඬන්නෙපා
මාළුවෝ තවත් හිඳී ජලේ 
ප්‍රේමයේ රඟේ
තාරුකා වගේ 
රෑ දිලී උදේ නිවී නොයේ
යාළුවේ සිතින් හඬන්නෙපා

යාළුවේ සිතින් හඬන්නෙපා...//