යහළුවනේ‍ යෙහෙලියනේyahaluwanee yeheliyanee

Yahaluwane Yeheliyane

ගී පද

(යහළුවනේ‍ යෙහෙලියනේ
හිඳිමු බැඳී එක වාගේ
සවුදිය පුරමූ අපි සුබ පතමූ
සොඳුරු දයාබර මේ මොහොතේ...//)

(මියුරු ගැයුම් පද විහිද විසිර යන 
වසන්තයක අප හිනැහෙනවා...//) 
ඉසුරු පිරුනු නව ලොවක විනෝදය
ප්‍රීති ප්‍රබෝධය ඉතිරෙනවා  

යහළුවනේ‍ යෙහෙලියනේ......

(අමිල නිමල වූ නැවුම් පැතුම් මැද 
ගීත ගයමු මල් සිනහ සලා...//)
සතුටු සිනා පිරි මිහිරි ලොවක අද 
තුටින් රඟමු අපි එකතු වෙලා 

(යහළුවනේ‍ යෙහෙලියනේ
හිඳිමු බැඳී එක වාගේ
සවුදිය පුරමූ අපි සුබ පතමූ
සොඳුරු දයාබර මේ මොහොතේ...//)
(සොඳුරු දයාබර මේ මොහොතේ...///)