යාළු බාල සඳේyaalu baala sandee

Yaalu Baala Sande

ගී පද

යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ
යාළු බාල සඳේ...

දුරක වෙසෙන මගෙ තනිකම
පොළවෙ සිටින අයටත් නෑ පෙනුනේ යාළු
විරහ තාපයේ වැඩිකම
හිත් පිත් ඇති අයටත් නෑ පෙනුනේ යාළු

යාළු බාල සඳේ..

ඈ දැකුමට නලියන සිත
ඔබෙ නළලේ හැඩරුව දැක සැනසෙයි යාළු
ඇගේ රුවින් බිඳුවක් ගෙන
හෙටත් ඈත කඳු මුදුනේ හිනැහෙන් යාළු

යාළු බාල සඳේ..