වියරණ වැරදී ආදර කවියේwiyarana waeradhii aadhara kawiyee

Wiyarana Waradi Adara Kaviye

ගී පද

වියරණ වැරදී ආදර කවියේ ලද පෙම් විවරණ ගිලිහී
අහවරයක් නැති ආදර වියමත අනවසරයෙන් හිත තුළ ගෙතුනේ
අප මග හැර ගිය ඒ ආදරේ  අපට අදටත් ආදරෙයි //

ලියවැලින් එතුණු මල් උයන් තෙරේ සක්මනේ පවා නොයෙදී
තරු බොරළු ඇනෙන වලා මතින් එිත රිදී රිදී ඇවිදී
දන්නවාද ... අපේ ආදරේ... අපට අචටත් ආදරෙයි //

වියරණ වැරදී....

පිණී දියෙන් තෙමුණු මල් මුහුණු පුරා රොන් හාදු පවා නොයෙදී
ඇසි පියන් වසා සිත සිහින දොරින් පෙර වැරදි සොයි ඇවිදී
දන්නවාද .... අපේ ආදරේ ... අපට අදටත් ආදරෙයි //