විසිරුණු මල්පෙති.wisirunu malpethi.

Wisirunu Malpethi

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
බන්දුල නානායක්කාරවසම්bandhula naanaayakkaarawasam

ගී පද

විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳී..
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී.. //

වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහස දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ..

විසිරුණු මල්පෙති... /

බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ..

විසිරුණු මල්පෙති... /