විසේකාර අරුමැත්තීwiseekaara arumaeththii

Wisekara Arumaththi

ගී පද

විසේකාර අරුමැත්තී
නෙතින් කතා පවසන්නී
සුමුදු වදන් තෙපලන්නී
ගමේ පුංචි හැඩකාරී
හිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ කෙල්ලේ
විසේකාර අරුමැත්ති
නෙතට හොරා පැනයන්නි
කෝල වදන් මුමුනන්න
මගේ පුංචි හැඩකාරී

අරුමේ හීන බැඳුනු දා නියරේ පාද පැටලුනා
හදෙහි ගැස්ම වැඩි වුනා මාගේ ආදරයේ
හීනේ නැකත් ලියුනු දා ඇඹුලේ රසය වැඩි වුනා
සතුටේ කඳුළු ඉතිරුනා මගේ ජීවිතයේ
පෑයූ හිරු සේ ඔබ නිතිනා
දිවියේ සොඳුරුම තැන හිඳුනා
ගොයමේ අරුමය කිරි වදිනාමාගේ ආදරේ

විසේකාර අරුමැත්තී.......................

අරුමේ හීන බැඳුනු දා......................

විසේකාර අරුමැත්තී.......................