ගී පද
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනි වී
සඳ ගිලිලා තරු නිවිලා
මගෙ ලෝකේ මා කඳුලේ ගැලිලා
ඔබ සතුටේ ඇතැයි සිතා
කඳුල තුලින් හිනැහෙමි තවමත් මා
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ දන්නෙ නෑ
දළු දාලා මල් පිපිලා
ඔබ ලෝකේ හිනැහේවා සැමදා
හදට ඔබේ දුක ආ දා
මම එතැනයි පමා නොවෙමි කිසිදා
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනි වී