වෙසතුරු සිරිතේwesathuru sirithee

Wesathuru Sirithe

සංගීතය:
ශාලික ඉෂාන්shaalika ishaan
පද රචනය:
රඹුක්කන සිද්ධාර්ථ ථේරrambukkana sidhdhhaarthha thheera

ගී පද

වෙසතුරු සිරිතේ පෙර හුරු පුරුදු ලෙසේ
සුමිතුරු වෙස් ගත් ගමනක යෙදෙමු මෙසේ 
බුදු හිමි දෙසු දම් අමා ගඟේ    
පිහිනමු පිහිනමු නිවන් සැදේ

යහගුණ වඩනා ගමනක යෙදෙනා 
සදහම් ගුණ ගී මුව මුව මුමුනා 
නැතිබැරි මිනිසුන් වෙත මෙත පාමින් 
හිරු සඳු අතරේ හිනැහෙමු සාමෙන් 

සෙනෙහස දල්වා නැණ මල් පුබුදා 
හසරැලි නංවා ලංකා දීපේ 
සාමය සමගිය පිරිපුන් හදවත් 
සදා රකිමු අපි සදහම් දීපේ 

වෙසතුරු සිරිතේ පෙර හුරු පුරුදු ලෙසේ
සුමිතුරු වෙස් ගත් ගමනක යෙදෙමු මෙසේ 
බුදු හිමි දෙසු දම් අමා ගඟේ    
(පිහිනමු පිහිනමු නිවන් සැදේ)..//