වෙසක් කැකුළුwesak kaekulu

Wesak Kakulu

සංගීතය:
සුනිල් ශාන්තsunil shaantha
පද රචනය:
මර්සලින් ජයකොඩි පියතුමාmarsalin jayakodi piyathumaa

ගී පද

වෙසක් කැකුළු අතු අග ඉඳ නටන විලාසේ
ඉරෙත් හඳෙත් සිරි විඳ විඳ රඟන විලාසේ...

පියලි සලාලා රේණු හලාලා 
සුවඳ උරා සිසිල් සුළං හමන්නේ
ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ...

දවට ගහේ ගහ මුදුනේ කොහා අඬන්නේ
කෑරලාද නාද දෙමින් ගහට කොටන්නේ...

ටිං ටිං සද්දේ ඒ මැද ඇත්තේ
ගම වටකර  කුරුළු ගීත ඇසෙන්නේ...

කදේ වළලු දෑත දිගේ ටිකිරි ලියන්නේ
ටිකිරි ටිකිරි වළලු හඬයි ළපටි ළඳුන්නේ...

ගීත ගයන්නේ ගයා නටන්නේ
කොලු කෙළි පොදි ගී ගයමින් නටන්නේ...