වෙන්න තියෙන සියලුම දේවල් සිද්ධ වුණාwenna thiyena siyaluma dheewal sidhdhha wunaa

Wenna Thiyena Siyaluma Dewal

ගී පද

වෙන්න තියෙන සියලුම දේවල් සිද්ධ වුණා මගෙ දිවියට 
නමුත් මේ ලොව හැර යන්නට සිතක් නම් තව නෑ මට
නිකරුණේ දියවීලා යන මගෙ දිවියේ හොද හරිටම
රිදෙයි වද දෙයි ඔබේ මතකය මගේ ලෝකයේ හැම දින
රිදෙයි වද දෙයි ඔබේ මතකය මගේ ලෝකයේ හැම දින.....

පමා වී ආ වසන්තයක් ලෙස ඔබ ඇවිදින් මගේ ළගටම
මේ තරම් ඉක්මනින් ඇයි නුඹ වෙන්ව ගියේ මටත් නොකියම
යටි හිතේ හිත පතුලේ වැදිලා වද දිදී තව මතකය 
යලි උපන්නොත් මගේම වෙනවද සසර ඇති තුරා සදහට.....

ඈත ඉදලා බලාන උන්නම අහසත් ගෑවෙයි පොළවට 
ලං වෙලා ලං වෙන්න යනකොට ඒකත් බොරුවක් හැම විට
සදහට සමු නොගත්තත් ඔබ මේ ලොවේ අද තව ඇත
මගේ ලෝකය පාළුයි අද කදුල විතරද උරුමය.....

වෙන්න තියෙන සියලුම දේවල්....

රිදෙයි වද දෙයි ඔබේ මතකය මගේ ලෝකයේ හැම දින//