වෙනතක් බලාwenathak balaa

Wenathak Bala

සංගීතය:
කසුන් මධුශංකkasun madhhushanka
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

වෙනතක් බලා කඳුලක් තියා ඔබ වෙන් වෙලා දුර හැංගිලා
තව ළං වෙලා සැනසුම් පවා පෙරුමන් පුරා හොරකම් කළා
මගේ ප්‍රාර්ථනා කෙලසලා ඔබ වෙන්වුණත් හඬවලා
ඔබගේ නමින් අද පවා හිත ආදරෙන් බර වෙලා
කඳුළු වෑහෙනා දෙනුවන් වසා සිහිනේ පුරා සිහිවුණා
විහඟ ගී පවා සරදම් කළා ඔබ නෑ කියා ඉකි ගසා......

නෙතු පොඟවනා දුක මාරුතේ මුසුවෙලා
හිත හාරනා විස පාළුවක් දැවටිලා
කවදා හෝ එයි කියා මදහාසේ අහුරක් නෙලා
පෙරමන් බල බලා මා තනියෙන්ම කල් ගත කළා......

හද වේදනා මහ රාත්‍රියේ තවරලා
අහසේ පුරා මගේ ආදරේ පුරවලා
කවදා හෝ එයි කියා මදහාසේ අහුරක් නෙලා
පෙරමන් බල බලා මා තනියෙන්ම කල් ගත කළා......

වෙනතක් බලා.......