වෙනස් වෙන්නෙපාwenas wennepaa

Wenas Wennepa

සංගීතය:
ශානුක එච් පෙරේරාshaanuka ech pereeraa
පද රචනය:
අකලංක ගුණරත්නakalanka gunarathna

ගී පද

වෙනස් වෙන්නෙපා කවදාකවත් 
මට කීව ඔබ කොයිද අද හැංඟුනේ
අළුත් පැල්පතේ ලැබු ජීවිතේ
දිගු කල් හොඳින් ඉන්න ඇති තෙක් භවේ
මගේ දුප්පත් කමයි ඉස්සර වුණේ
අද නවතින්න අපි මේ භවේ
සමාවෙන්න ඔබ ජීවිතේ පැතු කෙනා 
ලෙස පෙරදින සමත් වෙන්න මට බැරි වුණා
මේ හැමදේම අපි වින්දේ හොඳටයි කියා
ඔබේ ඉදිරියට සුභ පතලා ඉන්නම් සදා
යළි මොන දේ වුණත් එය විඳ දරා ඉන්න යහතින් ඔයා.......

කළා නම් පිනක් පෙර භවේ මා ඒ හින්දමයි ඔබ හමුවුණේ
නමුත් මේ භවේ කරලා ඇති මං පවක් 
වෙනකෙක් මගෙන් ඔයා ඉදිරුවේ
මගේ දුප්පත් කමයි ඉස්සර වුණේ
අද නවතින්න අපි මේ භවේ
සමාවෙන්න ඔබ ජීවිතේ පැතු කෙනා 
ලෙස පෙරදින සමත් වෙන්න මට බැරි වුණා.......

ඔබේ ගතිගුණෙන් පිරුණු කිසිවෙක් හමුවන්නේ නෑ කවදාකවත්
ලියගෙනම අපි ආව දෛවේ මෙයයි කාලයට දැන් ඉඩ දෙමි ඉතින්
මගේ දුප්පත් කමයි ඉස්සර වුණේ
අද නවතින්න අපි මේ භවේ.........

වෙනස් වෙන්නෙපා......