වෙනස් නොවෙයි අම්මාwenas noweyi ammaa

Wenas Nowei Amma

ගී පද

වෙනස් වුනත් මුළු ලෝකෙම
වෙනස් නොවෙයි අම්මා
දුරස් වුනත් මුළු ලෝකෙම
දුරස් නොවෙයි අම්මා
මගෙ සෙවනැල්ල වගේ 
ළඟ හිඳ මා රකිනා
පණ වාගේ රැක ගන්නම් අම්මා
හැමදාමත් මගෙ පින්බර අම්මා
වෙනස් වුනත්..........

කවදාවත් වෙනසක් කෙරුවේ නෑ මට නම්
හැමදාමත් පුන්සඳ වාගෙයි මට ඔබ නම්
වෙනදාටත් වැඩියෙන් ආදරෙයි ඔබ හට නම්
කවදාවත් දුකක් දෙන්නෙ නෑ අම්මාට නම්

මං ආවේ ඔබේ කුසට මා පෙර කර පිනට 
හිමි වූයේ ඔබෙ සෙනෙහස ඒ හින්දා මට 
මතු ආයේ වෙන් වූ දා මේ ලොවින් පිට
සංසාරේ හිමි වේවා මගේ අම්මා මට