වෙන් වෙන්න බැරි තරම්wen wenna baeri tharam

Wen Wenna Bari Tharam

ගී පද

වෙන් වෙන්න බැරි තරම් ඇයි මාව ළං කරන්
ඔබ යන්න සමුඅරන් හිතුවේ ඇයි කියන්

හිත හදාගන්න බැරි වේවි දුක දරා ගන්න බැරි වේවි
ඔබ නැතිව ඉන්න බැරි වේවි ජීවිතයත් නිම වේවි

වෙන් වෙන්න ....

කඳුලැල් හංගා සිනාසෙන්න කියා දුන්නේ ඔබමයි
සුන්දර විදියට පෙම් කරන්න කියා දුන්නේ ඔබමයි
මේ තරමට ඔබ මට පෙම් කරලා දාල යන්න හිතුවාද මාව

හිත හදාගන්න ....

ඉස්සර වාගේ රණ්ඩු වෙලා තරඟෙට හඬන්න ආසයි
ආයෙත් ටිකකින් තුරුලු කරන් තොල් පෙති තෙමන්න ආසයි
මේ තරමට ඔබ මට පෙම් කරලා දාල යන්න හිතුවාද මාව

හිත හදාගන්න ....
වෙන් වෙන්න ....
හිත හදාගන්න ....