වෙන් වීලා ගියදා පටන්wen wiilaa giyadhaa patan

Wen Weela Giyada Patan

සංගීතය:
කේෂාන් පෙරේරාkeeshaan pereeraa
පද රචනය:
චතුරංග හෙට්ටිගේchathuranga hettigee

ගී පද

වෙන් වීලා ගියදා පටන් ඔබ මාව 
ආයේ නොඑනා ලෙසින් 
කඳුළු අඩු නැතිව විඳිනවා තවම 
(ඔබට සතුටුයිද දැන්.....//)

කැදැලි තනා මැව්ව මුසා 
බොරු නොවේ යැයි සිතා 
ලුහු බැඳලා දිවිය පවා 
සුසුම් යායක් වෙලා 
මුවඟ සිනා පාවී ගියා 
කිසිදා සිතින් නොසිතු දුරින්.....

වෙන් වීලා ගියදා......

යහන පුරා මුකුළු කතා 
මතකයේ නැවතිලා 
දෙනෙත තෙමා කඳුළු ලියා 
සිහිනයක් සේ මෙදා 
මැණික කියා රැකගත් ඔයා 
පියඹා ගිහින් කාටත් හොරෙන්......

වෙන් වීලා ගියදා