ගී පද
වෙන්වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයා
මතකයිද කීවා මගෙමයි කියා
හිත නොරිදවා වරදක් පිළිගත්ත නම් එදා
අපි ඉන්නෙ තාමත් අපගේ වෙලා...
තේරුම් ගියා නම් ඇතී පණ මගේ
නෑ වැරැද්දක් මේ කියා මගෙ අතේ
ඉන්න සතුටින් මගේ
ආයුෂත් ගෙන ලඳේ...
ඔබට ආදරේ කෙරුව කාලයේ හැම මතක හිත දවනවා
අහිමි වූ ඔයා එන්නෙ නෑ කියා වැටහෙද්දි දුක හිතෙනවා//
පන්තියේ යාළුවෝ ඉඳ හිටත් මුණ ගැහීලා
ඔයා කෝ අහනවා මගෙන්...
ඔබගෙ ළඟ රැඳී ගෙවුණු ජීවිතේ පණ සේම මට වටිනවා
ඔහුගෙ ලෝකයේ පැතුව ආදරේ හිමිවෙන්න සුබ පතනවා//
පන්තියේ යාළුවෝ ඉඳ හිටත් මුණ ගැහීලා
ඔයා කෝ අහනවා මගෙන්...
වෙන්වී ගියත් පෙරදා .../
තේරුම් ගියා නම් .../