වැලි බත් ඉව්වාwaeli bath iwwaa

Weli Bath Iwwa

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

වැලි බත් ඉව්වා මතකයි අපි දෙන්නා
ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා
මෙතුවක් එක් වී වැඩුණත් අපි දෙන්නා
අද හිනැහෙන්නේ කොයි ලෙස දෝ මන්දා

තනිමංසල මට ඔබ මුණ ගැසෙනු නොවේ
තනිපංගලමේ ගෙන් වෙට යන්ට නොදේ
වපරැස් බැල්මට පිවිතුරු ලෝකය නොපෙනේ
අවිහිංසක මුදු සිතුවිලි මල් පරවේ

ඔබ ඉන්නා තැන තුඟු මහා පවුරු බැඳේ 
තහනම් දේශය ඔබ සැරිසරන ලොවේ
මිනිසුන් වූ අප යළි පොඩි දරු දෙපළ නොවේ
ඔබ මා තනි වන දවසක් නැවත නො ඒ

වැලි බත් ඉව්වා....