වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක්weherak wagee pindhun kenek

Weherak Wage Pin

ගී පද

වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ

සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ

කදුළක් වෙලා දුක් වූ කෙනෙක්
දියඹක් වෙලා තුටු වූ කෙනෙක්
ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ