ගී පද
ලැබූ අභියෝගයන් දින ගනු අටියෙන්
නොව අලසවී පිබිදී අභිමානයෙන්
මුව සරසා සිනහවකින් ගරුසරුව සැම සිත් දිනා
දිලෙන්නෙම ඔබයි
වීරයා ඔබයි මහා බල කණුව ඔබයි
පෙරමුණ අරගෙන අප ගෙන යන්නේ ඔබයි
නීතාන් නීතාන් එංගල් වීරන්
නීයේ එංගල් ශක්ති උන් සෙල්බවන් නීයේ
You re the one you re the one let us strong
You re the hero you lead the way for long
පොළොව ඉරි තලා යන ගිනි කාෂ්ටකේ අව්වේ
ගඟ උතුර යන මොර සුරන වැස්සේ
නොසැලී ඇදුනේ ඔබයි දෛර්යයෙන් ශක්තියෙන්
පෙරමුණ අරගෙන අප ගෙන යන්නේ ඔබයි
කිසිදා නොසැලී අභියෝගයන් ලබා
ධෛර්යය ශක්තිය සිතැති දරා
කදුලැල් තරණය කරමින්
අගයමු සැමදා සේවය ඔබ කරනා