ගී පද
පෑදී දියේ ඔබේ නිර්මල හදවත විනිවිද දකින්නම්
පොකුරු ගොඩේ හඬ පානේ නටන වීදුරු මල් නෙල්ලනම්
පායනා තුරු ඔබේ නුවන් තරු
පෙරුම් පුරා දිනූ ඔබේ උතුම් හදේ
ආදරබර වස්තුව වෙන්නම්...සදාකල්
අන්නතයක් වූ මේ පැතුම් ජලාශේ
නගන මියුරු හඬ හෙමිහිට අසන්නම්
හීන් දියල් වූ ඔබ නමින් උපන් ගී
නිශා ගීතයේ මුසුකර එවන්නම්
සාගරේ සමාන වූ ආදරේ ළඟා කෙරූ
ජිවිතේ ඔබයි මගේ සදාකල්
පෑදී දියේ ඔබේ නිර්මල.../
රීදී කඳක් සේ සඳ ගලන වේලාවේ
ඔබේ සුවඳ ඇස් පියාන හොයන්නම්
ඉබේ නිකුත් වූ මගේ සුසුම් තාලයෙන්
ඔබේ හැඟුම් ගිටාරයෙන් වයන්නම්
සාගරේ සමාන වූ ආදරේ ළඟා කෙරූ
ජීවිතේ ඔබි මගේ සදාකල්
පෑදී දියේ ඔබේ නිර්මල.../