වේදනාවේ කඳුළු බිංදුවweedhanaawee kandulu bindhuwa

Wedanawe Kandulu Binduwa

ගී පද

වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා
ජීවිතේ පැතු අමිල සෙනෙහස
අඳුරෙ සැඟවුනා
ඔබෙ සිනහව මගේ ලෝකය
කිමද වෙන් කලේ කිමද හැර ගියේ
වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා

අපේ හදවත් තැනූ ලෝකයෙ
සිහින බොඳ වුනා
නෙතට එලියක් දුන්නු ඔබ මට
අඳුරෙ සැඟව ගියා
ඔබේ ලෝකය තනා දෙන්නට
ඔබෙන් වෙන්වුනා ඔබෙන් වෙන්වුනා  ඔබෙන් වෙන්වුනා 

වේදනාවේ කඳුළු බිංදුව ....

මගේ ජීවයෙ පියුම වූ ඔබ
දෙගුරුන් වෙන්කලා
ඔබ නොමැති මේ මගේ ජීවය
මළ රුවක් වැනේ
මගේ ගීතයෙ තනුව වී ඔබ 
අඳුරෙ සැඟවුනා අඳුරෙ සැඟව ගියා .... අඳුරෙ සැඟව ගියා 

වේදනාවේ කඳුළු බිංදුව ....