ගී පද
වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ
සරා ගීත රාවේ ඇසේ වී පුරානේ
අපේ ප් රේම ගංගාවේ දියවැල් සලා
හදේ පුෂ්ප උද් යානේ පිපි මල් නෙලා
ඔබේ සීත සිතුවිල්ලේ තව ළංවෙලා
කියාදෙන්න මා ඉන්නේ හසරැල් සලා
මමයි අහස ඔබ අහසේ සඳ රාජිනි
ඔබයි දෝත එම දෝතේ මා මී පැණී
දුරස් වෙන්න අසමාන හද සෝගිනී
මගෙන් ගීත අහගන්න රස කාමිණී