වැව් රවුමේ අතිනතwaew rawumee athinatha

Wawa Rawume Athinatha

ගී පද

වැව් රවුමේ අතිනත ගෙන අප විදි ප්‍රේමය
සිහිල් සුළං රැලි මැද විනි උණුසුම් ආලය
අමතක නොම වේ කඳුරට ගෙවූ ඒ කාලය
අප නොමැතිව තනි වෙලාලු දළදා වීදිය //

පෙම් සිතුවිලි සිත පුරාම ඉතිර ගිය දිනේ
ළංවනු මල් මතකය මට මිරිඟුවක් උනේ
ආදරේ පැතුම් සේරම අද සිහිනයක් උනේ
ඒ නිසා තමයි සෙනෙහස කඳුලකින් නිමවුණේ //
වැව රවුමේ ....

වෙන්නට ඇති සියළු දේම මෙලෙස සිදුවුණේ
වෙන්වන බව දැන දැන අපි කිමද ළං වුණේ
ආදරේ නිසයි මා හට හැමදේම සිදුවුණේ
ජීවිතේ දුකයි ලොව මා හැමදාම තනිවුනේ //

වැව රවුමේ ......