වටිනා ඔබගේwatinaa obagee

Watina Obage

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
සඳුන් පෙරේරාsandun pereeraa

ගී පද

කලකින් දැනුණේ සතුටක් අහම්බෙන් වගේ
වින්දා ඔබගේ මහ මෙර තරම් ආදරේ
වටිනා ඔබගේ සෙනෙහේ ගැඹුරේ
වෙනසක් දෙන්නෙපා තිබෙනා තෙක් පණ මගේ.....//

භවයෙනුත් භවේ ඉඳලා දැනෙන නෑකමේ
හුරුවක් තිබුණා මතකයි හුස්මටත් අපේ 
පාඩමක් වගේ වචනෙන් ගලපලා සෙනේ
තේරුම් කෙරුවේ ඔබමයි ජීවිතේ මගේ.....

වටිනා ඔබගේ සෙනෙහේ ගැඹුරේ
වෙනසක් දෙන්නෙපා තිබෙනා තෙක් පණ මගේ.....

කලබලෙන් ඔහේ හිතුවක්කාරයෙන් වගේ
දුවනා හැඟුමන් ඔබමයි එක්තැනක් කළේ
මුතු මැණික් නැතේ වටිනාකමට සම ඔබේ
පෙර පින් හින්දා ලැබුණා දෙව්දුවක්ම වේ.....

වටිනා ඔබගේ සෙනෙහේ ගැඹුරේ
වෙනසක් දෙන්නෙපා තිබෙනා තෙක් පණ මගේ.....//

කලකින් දැනුණේ.....