ගී පද
(වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනාදෝ
වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනාදෝ
ඔන්න මං අල්ලන්නට එනවා දැන්
ඔට්ටුයි දෝ...//)
කෝ අනේ පුංචි හොරා
උන්නානේ කාමරයේ
(සාරි ටිකත් බිමට දමා
හීන් සැරේ මාරුවෙලා...//)
වැටි වැටි ඇවිදින මගෙ....
චණ්ඩියා වාඩිවෙලා
උන්නානේ දොර මුල්ලේ
(නෑ සද්දක් ඒ මුල්ලේ
ඒත් අනේ දොර හෙල්ලේ...//)
වැටි වැටි ඇවිදින මගෙ....//