වතුසුද්ද මලේwathusudhdha malee

Wathusudda Male

සංගීතය:
නදුන් රත්නායකnadhun rathnaayaka
පද රචනය:
රොහාන් රූපසිංහrohaan ruupasinha

ගී පද

වතුසුද්ද මලේ සුද අරගෙන සුදට පිපීයන් 
පිච්ච මලේ සුවඳ අරන් සුවඳ හමාපන් 
රතු රෝස මලේ පිවිතුරු බව අරන් පිපීයන් 
(නෙලා ගන්න හැකි තරමට ලඟක පිපීයන්)//

සමනලුන් ඇවිත් පැහැය අරන් යන්නට යාවී 
වනබඹරු ඇවිත් රොන් අරගෙන උන් පැන යාවී 
රුවට නුඹේ වසඟ වෙලා දෙබරුන් ඒවී    
පරිස්සමට හිටපන් මට අහිමිව යාවී 

වතුසුද්ද මලේ සුද අරගෙන....

සඳ එළියේ සඳ සිසිලෙන් නැහැවී යන්න 
ගිනි තවරා සීතල සුළඟින් තැවරෙන්න 
සේද වලා කුළු බටකින් සැරසී ඉන්න 
කාටවත් නොවේ මට නෙලන්න ඉඩ දෙන්න  

වතුසුද්ද මලේ සුද අරගෙන....