වත්සුණු සුවඳින්wathsunu suwandin

Wathsunu Suwandin

ගී පද

වත්සුණු සුවඳින් සුවඳ කෙරේයා 
පෙම් කුසුමන් හද පුබුදු කෙරේයා 
ආසිරි මංගල ගී පැතිරේයා 
පතිනිය පතිකුලයට පැමිණේයා 
පතිනිය පතිකුලයට පැමිණේයා 

(බැඳි සෙනෙහස රන් රස මෙන් වේයා 
සිඳු කුස වන් ගං කොමළිය සේයා...//) 
සිසි වත තුරුලෙහි සාමුව සේයා 
පතිනිය පතිකුලයට පැමිණේයා 

වත්සුණු සුවඳින් සුවඳ......

(නළලත තිලකය මෙන් සැසඳේයා 
සසර පුරා පැතුවයි පැවසේවා...//) 
කුළඟනකගෙ යහගුණ කියවේයා 
පතිනිය පතිකුලයට පැමිණේයා

වත්සුණු සුවඳින් සුවඳ......