වැස්සට ඉඩ ඇතත්waessata ida aethath

Wassata Ida Athath

ගී පද

වැස්සට ඉඩ ඇතත් අහස් කුස දස අතට
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය
සිනා සී සිනා සී දොතොල් ඉරි තැලෙද්දී
හඬන්නට මිසක වෙන කුමට ද නෙතු අපට

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල
බිඳී  ගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය
ඔබට මා - මටද ඔබ හමු වුනෝතින්
සිනාසෙමු අතීතෙට  යම් දිනක අප දෙදන

සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට
ගලන ගඟ නැවැත් වූ සැනින් ගම යට නොවෙද
ඔබට මා - මටද ඔබ හමු වුනෝතින්
සිනාසෙමු අතීතෙට  යම් දිනක අප දෙදන