වස්සානේ හීනේ කඳුලේ බොඳවාලාwassaanee hiinee kandulee bondawaalaa

Wassane Heene

ගී පද

වස්සානේ හීනේ කඳුලේ බොඳවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා//

කඳුලක උණුහුම ඇහිදාරේ
ඉඳුරා පවසයි ඔබ මාගේ
ප් ‍රේමාලිංගන ආල කතන්දර
විඳින්න නෑ අද වැලපේ හිත මාගේ

වස්සානේ හීනේ...

යහනක තනිකම ඉකි බින්දේ
තුරුලෙම වුන් හැටි ලය කන්දේ
රෝස තොල් ලඟ හාදු වැස්සක
තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ

ආශාවරී නෑ ඇගෙ කඳුල දැන
මට ඉඹින්න ඔනේ උන් තලපු මල
පුරවන්න හැදුවෙ නුඹේ සිඳුනු විල
ඒකයි ආදරය අද ගෙවලා මිල
උඹේ පෝරකේ සරසල කරා මගුල් පෝරුව
යන්න හිතන් උඹ එක්ක දුර
බිලිකොක්කක් එයාගෙ ලස්සන රූපය
මාලුවෙක් විතරයි මම ඒ මුහුදට

වස්සානේ හීනේ...