වැස්ස ඔබ කැමති දවසක වහින්නwaessa oba kaemathi dhawasaka wahinna

Wassa Oba Kamathi Dawasaka Wahinna

සංගීතය:
තරිඳු දම්සරtharindu dhamsara
පද රචනය:
ලක්ෂාන්ත චින්තකlakshaantha chinthaka

ගී පද

වැස්ස ඔබ කැමති දවසක වහින්න
මට හුරුයි දැන් මේ ඉඩෝරය
වැස්ස ඔබ ඉන්න තැනකම හිඳින්න
මට දුරයි දැන් ඒ වසන්තය…

ටික දිනක් ළං නොවී හිඳ මගේ තුරුලේ වෙළුනම
පෙර නොවිඳි සුවඳක් ඔබ ළඟ හැමුවා
ඒ සැණින් මතුව ආ හැඟුම් වරුසාවට
වරුවක්ම පෙම්වත්ව තෙමී උන්නා
දරාගන්න බැරි නිමේෂෙක
මුසපත්ව තැන්පත් විල්දිය
දෙගොඩ තලාවිත් ගැලුවා…

ඔබ දෙසින් හමා එන සිහිල් සුළඟේ පවා මට
හුරුපුරුදු උණුහුමක් දැනෙමින් තිබුණා
විඳගන්නටවත් නොදී එය මගෙන් මිදුණාම
යුගයක්ම හෙම්බත්ව දැවී උන්නා
අදහාගන්න බැරි තරමටම
යකඩත් ගිනිගත් හිතක
තෙතමනයත් මැකුණා…

වැස්ස ඔබ කැමති දවසක…