වැසි බිඳු සේම සැලේwaesi bindu seema saelee

Wasibidu Sema Sale

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
බුද්ධික ගජනායකbudhdhhika gajanaayaka

ගී පද

වැසි බිඳු සේම සැලේ පිනි බිඳු දෑස තෙමේ
හඬන්නේ ඇයි සොඳුරේ කොහොමද ඔය හිත රිදුණේ
මිලාන නීල නුවන් බලාන සුසුම් හෙලන්
ඉඳින්න බෑ මැණිකේ හිනාවෙන්න පුරුදු ලෙසින්...
වැසි බිඳු සේම සැලේ...

බනින්න ඇති තරමක් හිත තව ඔබේ රිදෙනවා නම්
මැණිකේ අහක බලන් ඉන්න එපා තරහින් නම්
බලන්න එන්න හිතන් තරු කැට මා ගැනපු තරම්
(දන්නේ පුර අහසයි සත්තයි බොරු නොකියමි මං...//)
වැසි බිඳු සේම සැලේ...

ආවේ සිදාදියෙන් නොවෙනස් වූ එකම සිතින්
කොහොමද නපුරු වුණේ ආදරයෙන් පිරුණු හිතක්
ඔය තරමට සැක නම් කුමටද සිත් රිදවන්
(මම සමුගෙන යන්නම් සොඳුරියේ ඔබ සැනසේ නම්...//)

 වැසි බිඳු සේම සැලේ...