වැසි දාකwaesi dhaaka

Wasi Daka

ඇල්බමය
2012
සංගීතය:
අධීර ශාමාල්adhhiira shaamaal
පද රචනය:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

ගී පද

වැසි දාක තුරුයාය පීරා අතුරාන පිනි සීත සීරා
දෑස හමුවේම උතුරාන දුටුවා එදා
ආදරේ රෑ පුරා ළමැදේ හුස්මක් පවා 
ආලේ කළා ආසයි කියා
වැසි දාක තුරුයාය පීරා අතුරාන පිනි සීත සීරා

ආයාචනා සීතේ ගලා ආශා මවා මාගේ වෙලා
ආවා සීතදා පාවීලා රෑ වීලා
ඈ හීන පාසා පෑහේවී ආශා මා හා
ළමැදේ හුස්මක් පවා ආලේ කළා ආසයි කියා

නෑ චෝදනා දෑසේ පුරා ආවා සොයා යායේ සරා
නානා දෑස හා යාවෙනා 
මේ හීන සේනා ආයේම ඕනා මා හා
ළමැදේ හුස්මක් පවා ආලය කළා ආසයි කියා
සඳපාන සඳ රේණු නහවා 
හිත මාගේ සබකෝල වීලා 
මාගේ තුරුලේම කොඳුරාන නොකියූ කතා 
දෑස පියවී ගියා......
ළමැදේ හුස්මක් පවා ආලේ කළා ආසයි කියා......