වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬwas dhos yannata aehenaa ee handa

Wasdos Yannata Ahena A Hada

ගී පද

වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ වහලේ උළු උඩ වැටෙනා
ඇස්වහ කටහව නැහැ නොවැ රන්ලිය මැද මිදුලේ වී කොටනා
අඩසඳ නලලේ ඩා බිඳු උරගේ ඇසුරු සැනේ ඈ පිස දමනා
හැඩවෙන නිතඹෙ ලෙලදෙන දෑසේ සිකුරා නලලේ රජ කරනා 
(නා .... නානේ .... නා .... නානේ .... 
නා .... නානේ .... නා .... නා .... නා .... //)

පායන පුන්සඳ පින්බර රන්කඳ මල්සර මණ්ඩප රඟනා
ගැස්සෙන දුන්නේ වරපට වාගේ සාඩම්බර නෙත බිම බලනා
මං ගැන වැංහුං නැහැ නොවැ දන්නේ වරලත් පරපුර හැඩකරනා
හේවිසි හොරණෑ පෙරහැර පෙරටුවේ මම නිලමේ බොල සළුවඩනා

ගන්නට නිසිතැන ඉන්නට බියසැක උදහස් වේවිද බාල නගා
කපුකර කරනා නෑනන්ඩි නුඹ කැකිරි පැලෙන හඬ ඇසෙනා
පෙම්බස් දොඩමින් නා ගස් සෙවනේ නොපෙනෙන ඉමකට සිත දුවනා
ලස්සන දවසක දීගෙක යන්නට පෙර පින් නැතිදෝ මට සිතුනා