වසන්තයේ මල් සුපිපුනwasanthayee mal supipuna

Wasanthaye Mal Supipuna

පද රචනය:
තිළිණ මලලසේකරthilina malalaseekara

ගී පද

වසන්තයේ මල් සුපිපුන
සුන්දරතාවය ඉහිරුන
හඳ මඩලට කවුදෝ ආවා
මල් පෙති සිඹ සිනා රැගෙන
මල සිඳ බිඳ යන්ට ගියා
හද දුක ගාවා කවුදෝ ආවා

හස අංගනාවන්සේ සඳ දිය මැද කිමිදී
කිරි සිහිනෙක මා රදවා කොහිදෝ ඇඳුනේ
නීල කැළුම් ගලා හැලෙන ඉදුනිල් මිණි දෑස වසා
මගේ දෝතට නෑවිත් නුඹ කොහිදෝ බැඳුනේ

හිරු මැලවුන සැන්දෑවේ අදුරට ගුලිවී
මදු බදුනට හාදු දිදී හිදිනා යාමේ
නෙතු කඳුලින් බොඳ කල ඒ අතීතයේ හීන පැලට
මා කැදවා යන්නට නුඹ ඇයිදෝ ආවේ