වසන්තයේ මල් පොකුරු නෙළාwasanthayee mal pokuru nelaa

Wasanthaye Mal Pokuru Nela

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
මහගමසේකරmahagamaseekara

ගී පද

වසන්තයේ මල් කැකුලක් සේ 
හිනැහී හිනැහී ඔබ සිටියා 

වසන්තයේ මල් පොකුරු නෙළා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

(අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ)..//
අවසානේ ඔබ ආවා

ඔබ අතැවූ මල් එකිනෙක පරවී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ හද මා දුටුවා
ඔබගේ හද මා දුටුවා