ගී පද
වසන්තයේ එක දවසක අඳුර ගලනා හැන්දෑවේ
සීතල පැතුම් දෙතොලින් අරන්....
පිරූ පෙම්දම් තාම මතකයි....
ආදරේ නම් සිහිනයකී.... //
සිහින හිරිපොද වැහැලා ඔබෙ ආදර උණුසුමෙ
පාට මල්පෙති සේදුනා අතැරගිය ඒ මතකයේ
කොතැන හෝ මග නැවතිලා තාම මං ඉන්නවා....
වසන්තයේ එක දවසක අඳුර ගලනා හැන්දෑවේ
සීතල පැතුම් දෙතොලින් අරන්....
පිරූ පෙම්දම් තාම මතකයි
ආදරේ නම් සිහිනයකී.... //
නෙතක කඳුළක දැවටෙනා සරාසඳ ළතවෙනා
අඳුර ගලනා වීදියේ බැඳී විසිරුණ සිහිනයේ
විසුල කඳුළැලි හමුවෙලා තාම මං ඉන්නවා....
වසන්තයේ එක දවසක අඳුර ගලනා හැන්දෑවේ
සීතල පැතුම් දෙතොලින් අරන්....
පිරූ පෙම්දම් තාම මතකයි....
ආදරේ නම් සිහිනයකී.... //