ගී පද
ප්‍රිය සාදයකි ජීවිතේ මී බින්දු තොල ගෑවෙනා
ගී සින්දු ගැයෙනා ඉබේ සතුටයි අපේ යෞවනේ
නින්දක් නැති ප්‍රාර්ථනාවෙන් පූදින පෙම් කල්පනා
වින්දද ප්‍රේම ලෝ ජානේ රැඟුමන් පාලා
වසන්තයයි වසන්තයයි වසන්තයයි වසන්තයයි....
සංත්‍රාසයෙන් සලිත වූ තුරුලතා
තුරුල්ලට හඬ ගසා සිහින දී
හදවත හැර නොයා ඉන්න යයි පවසලා
සතුට ජීවත් කරයි ජීවිතේ...
ශෘංගාර ප්‍රාර්ථනාවන් මවනා වූ හීන රෑනේ
ගෙවනා මේ සිහිනයක් තරම්
ලෙන්ගතු ගී මනෝඋද්‍යානේ
රඟනා මේ භූමිකාවේ
ගෙවනා මේ සිහිනයක් තරම්
ලෙන්ගතු ගී මනෝඋද්‍යානේ
රඟනා මේ භූමිකාවේ
සුවයක් නෑ තව මෙතරම්
වසන්තයයි මේ වසන්තයයි
වසන්තයයි මේ වසන්තයයි....
විස්සෝපෙන් වගේ ඇයි අනේ හැංගිලා
නිකෙරෙනා පෙම් කතා ඔහොමමයි
හිස් වෙන්නේම නෑ කඳුලු නම් ඇස් වලින්
කොහේදිත් ජීවිතේ තනි රකියි...
ශෘංගාර ප්‍රාර්ථනාවන් මවනා...
වසන්තයයි මේ වසන්තයයි
වසන්තයයි මේ වසන්තයයි....