ගී පද
ඉපල් රිකිලි සුළං
බිඳිනා උයන් තුරු සෙවණේ
කඩා හැලෙනා කඳුළු වස්සානේ
ඉති අඟින් හමා ගිය
අවසාන රන්පතවත් පෙනී
ඔබ ආයෙත් අනවා එනවාමයි
වසන්තය යලින් එනවාමයි
ගහකොල මල් දළුනවාමයි
ඔබ ආයෙත් එනවා එනවාමයි
ආයෙත් සිනාසෙන කාලයක්
හීන දකිනා කාලයක්
සුවඳ ඉඹිනා කාලයක් එනවාමයි
ඔබ ආයෙත් එනවා එනවාමයි
මේ මඟ බලන නෙත් දෙක නිවා
විඳගන්න උදයේ හවා
අවසාන සුසුමට කලින්
වස්සාන කුසුමත් අරන්
ඔබ ආයෙත් එනවා එනවාමයි
වසන්තය යලින් එනවාමයි
ගහකොල මල් දළුනවාමයි
ඔබ ආයෙත් එනවා එනවාමයි //