වස් දොස් යන්නටwas dhos yannata

Was Dos Yannata

ගී පද

නා නානේ නා නානේ නා නානේ නා නා නා...//
වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ වහලේ උළු උඩ වැටෙනා
ඇස්වහ කටවහ නෑ නොවැ රන්ලිය මැද මිදුලේ වී කොටනා 
අඩසඳ නලලේ ඩා බිඳු උරහේ ඇසුරු සැනේ ඈ පිස දමනා
හැඩවෙන නිතඹේ ලෙලදෙන දෑසේ සිකුරා නලලේ රජ කරනා...
නා නානේ නා නානේ නා නානේ නා නා නා...//

පායන පුන්සඳ පින්බර රන්කඳ මල්සර මණ්ඩප රඟනා
ගැස්සෙන දුන්නේ වරපට වාගේ සාඩම්බර නෙත් බිම බලනා
මං ගැන වංහුං නෑ නොවැ දන්නේ වරලත් පරපුර හැඩකරනා
හේවිසි හොරණෑ පෙරහැර පෙරටුවේ මම නිලමේ බොල සළුවඩනා...

නා නානේ නා නානේ නා නානේ නා නා නා...//

ගන්නට නිසිතැන ඉන්නට බියසැක උදහස් වේවිද බාල නගා
කපුකම කරනා නෑනන්ඩි නුඹ කැකිරි පැලෙන හඬ ඇසෙනා
පෙම්බස් දොඩමින් නා ගස් සෙවණේ නොපෙනෙන ඉමකට සිත දුවනා
ලස්සන දවසක දීගෙක යන්නට පෙර පින් නැතිදෝ මට සිතුණා...

වස් දොස් යන්නට...