වස් දඬු රාවේwas dhandu raawee

Was Dandu Rawe

ගී පද

වස් දඬු රාවේ - වස් දඬු රාවේ
ඈතින් එන ඒ - වස් දඬු රාවේ

චංචල මහද නිසංසල කරවන 
මධුර මනෝහර වස් දඬු රාවේ
ඈත ලොවක සිට එන ගීයක් මෙනි
මා මත් කරවන වස් දඬු රාවේ

වස් දඬු රාවේ - වස් දඬු රාවේ

නුපුරුදු සිතුවිලි සිතට ගලා එයි
ඇසෙන විටදී ඒ වස් දඬු රාවේ
වේදනාව පාළුව සිත පිළිසිඳ
නෙතට කදුළු දෙයි වස් දඬු රාවේ

වස් දඬු රාවේ - වස් දඬු රාවේ