ගී පද
වරින් වරෙ නෙතින් නෙතට ඔබට පෙම් කලා
සැරින් සැරෙ හොරෙන් හොරෙන් සිතට ලං වෙලා
තුඩින් තුඩට විහගු ගයන ගීතයක් අසා
මලින් මලේ බබරු වගේ නොයමි දුර දමා
පෙමක් පතා ආවේ පෙම් ලොකයක් සොයා
සඳක් වගෙ හමු උනෙ සඳ සාවියක් ඔයා
අහිංසකම සිතුවිලි මා තුරුලටම කලා
රත්තරං වදන් මා ලග පිරුනෙ නුඹ නිසා
නිලම්බරේ පායපු රන් තාරකාවියෙ
සඳක් වගේ ලග ඉනු සඳ දේවතාවියෙ
සසර පුරා පෙම් කල සුර දූතියක් වගෙ
මගේ ලගින් සැතපෙනු මල් මාලති මගෙ