වැරහැලි ඇන්දත්waerahaeli aendhath

Warahali Andath

සංගීතය:
ආනන්ද වෛද්‍යසේකරaanandha waidhyaseekara
පද රචනය:
H.M.P. ප්‍රනාන්දුh.m.p. pranaandhu

ගී පද

වැරහැලි ඇන්දත් ලස්සන යාමේ 
ඇඟිලි තුඩේ ඇල්ලී ඉන්නෑ 
පුංචි පුතයි මං දඟකාර උනත් දැන්      
බියසැක හැර යමු මේ මාවතේ 
ඉහත වහල වෙයි ආකාසේ 

සෙල්ලම් බඩු පැණිරස කඩචෝරු දැකලා අඬාවිද 
නෑ මං ඔබෙ හිත රිදවන්නෑ 
නරක වචන හෙම නෑ කීවේ 
ඉතින් කඳුලු පුරෝගෙන මූන කැතයි ඔය 
සැනසෙමි මං ඔබේ සිනාවේ 

වැරහැලි ඇන්දත්....

අඬන්න ඇයි කාරණාව වැටුනා කන් වල ඊයේ  
අයාලෙ යන හිත දඩබ්බරයි 
එක තැනක නෑ හිත නවතින්නේ  
සෙවෙනෙ ඉඳිමි ඔබෙ මම සෙවනැල්ලක් වගේ 
පුංචි පුතයි සැමදා ඔබගේ       

වැරහැලි ඇන්දත්....