වැරදුනේ මටයි කියාwaeradhunee matayi kiyaa

Waradune Matai Kiya

සංගීතය:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara
පද රචනය:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara

ගී පද

වැරදුනේ මටයි කියා තේරුනේ පමා වෙලා
කෝටියක් ප්‍රාර්තනා සුන් කලේ ඔයා තමා
මං ඔයාට භාරදුන්නු ජීවිතේ එදා
පණපිටින්ම වැලලුවා නොවේද අද ඔයා....

(මා නොමරා මරණා දේවල් කියලා
වෙන් වුනා ඔයා....
සත්තයි මං මියදුනු දවසක ඔබනම්
එන්නවත් එපා....//)

මහපොලොව උහුලන්නෙ නෑ ඒ කතා
සැක කරල මට කෙරුව බොරු චෝදනා
දුක් දෙන්න පෙරුමන් පුරා ආවදෝ
ලෝකයා ඔබේ හිතට විස කැව්වදෝ
පලිගන්න මාගෙන් පෙලෙඹෙව්වදෝ……

මා නොමරා මරණා…..//

හරි වැරදි තේරේවි කොයි කවරදා
හොයලා දුවන් ඒවි මා නෙත් ඔයා
හිත පුපුරලා යාවි දුක්බර වෙලා
වැලපේවි මගෙ සොහොන දෝතින් බදා
ඔබ දන්න හින්දා මං නිවැරදී කියා……

වැරදුනේ මටයි කියා…..

මා නොමරා මරණා….//