වරදක් කළත් හිතකින් නොවේ waradhak kalath hithakin nowee

Waradak Kalath Hithakin Nowe

සංගීතය:
සනත් නන්දසිරිsanath nandhasiri
පද රචනය:
මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දරmahaachaarya praniith abeesundhara

ගී පද

වරදක් කළත් හිතකින් නොවේ 
රිදවන්නේ පළිගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත් 
මට මාගේ ඇස් දෙක වගෙයි ...//

ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා 
අප එක්වෙලා කුමටදෝ ....//
වෙනසක් නොවී මගෙ හිස් අතින් 
පිසළන්නේ කොයි කඳුළුදෝ

වරදක් කළත් හිතකින් නොවේ .../

අසරණ ඔබයි තනිවුණු ඇයයි 
මට සාප කර යාවිදෝ ...//
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන් 
සමුගන්න සිදු වේවිදෝ

වරදක් කළත් හිතකින් නොවේ ...//