වන්නි වනපෙතේwanni wanapethee

Wanni Wanapethe

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
බණ්ඩාර ඇහැලියගොඩbandaara aehaeliyagoda

ගී පද

වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන
වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් //

කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම
බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්

වන්නි වනපෙතේ .../

කල්පකාලයක් පරපුර දුන්නු දන් ඇතත් 
හිත තුළ මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින් 
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්

වන්නි වනපෙතේ ...//