ගී පද
වලිගේ වනලා ඔලුව කහලා මහජන උපහාර ගන්න
බොරුව අතට අහුවුණ දා මල් වෙනුවට ගල් වදින්නේ…
අනිත් එකා හැඳි ගෑවිලා ගියත් මොකද
ගුරත් දෙකට තුනට පහට නැමී
එහෙයි ස්වාමීනි කියයි…
ආයුබෝවන්// හී හී හිවල් ගති//
වැඩ බැරිකම වසා ගන්නපාවා දෙයි අනෙක් ඈයෝ
නැති බැල ඇති කරගන්නට බොරු සහ කයිවාරු කීවෝ…
අනුන්ගේ වැඩ මගෙයි කියා ජය ඝෝෂා නගන ඈයෝ
එකෙකුගේ කර පිටින් ඇවිත් තවකෙකුගේ කරට නැග්ගු
අපේ ඒ තුමාට ජය වේවා අනිත් ඒ තුමාටත් ජය වේවා…
හී හී හිවල් ගති//
දිය යට ගින්දර ගෙන යයි වතුරෙත් ගිනි ගෙනියනවා
පපුවේ වස විස හංගන් රත්යත හිසෙන් හිනැහෙනවා
සමහර විට සමහර අය හැකි වුනාට රවට්ටන්න
හැමදාමත් හැමෝම අය බැරිය ලොවේ රවට්ටන්න…
හී හී හිවල් ගති////