ගී පද
වළාකුළට පාවෙන්නට කියා දෙන්නෙ නෑ
කිරිල්ලියට ගී ගයන්න උගන්නන්නෙ නෑ
කඳු හෙල් තැනිතලා උඩින්
වළාකුලේ පාවී යන්න දිගටම
කඳුළු සිදෙන තුරු
කිරිල්ලියේ - ගීත ගයන්න
මලක් පිපෙන හැටි බලන්න
කතා නොකර හෙමින් හෙමින් පෙති විහිදෙනවා
ගඟක් ගලන හැටි බලන්න
පුවුරු පෙලා මුව දොර හමු වන තුරු යනවා
පෙරුම් පිරුවෙ නැතත් ඔන්න
කිසිදා නොසිතූ නොපැතූ දේ සිදුවෙනවා
සඳක් එළිය දී නැගෙන්නේ
අඳුරේ පොළවක ලස්සන නොපෙනෙන හින්දා
ගෙයක් සොම්නසින් පිරෙන්නේ
සිතු සේ සෙනෙහස පුද දෙන හිත් ඇති හින්දා
මෙවන් මිහිරි ගී විඳින්න
හැමටම එක වාගේ සිත් නැතිදෝ මන්දා