ගී පද
වලාකුලක් මෙන් ඈතට පාවුන නිම් නැති අඹර දිගේ
පිහාටුවක් නැති ගිලිහී විසිරුනු පියඹන කවුඩකුගේ
නැගි බිඳුනු රණ වරලස මාගේ බොර වී ගලන ගඟේ
ඔබේ සිතින් මා සදහට අමතක කරලනු මැනවි ප්‍රියේ
අමතක කරලනු මැනවි ප්‍රියේ
වලාකුලක් මෙන් ඈතට පාවුන නිම් නැති අඹර දිගේ
කැළෑ මලක් ලෙස දෙපයට පෑගුණ ගොරහැඩි මිනිසෙකුගේ
කුණාටුවක් වී වියරුව විසි වී පැන ගිය වනය දිගේ
හිඟා කකා ඔය ගෙමිදුල වෙත ආ යාචක ළඳකු වගේ
ඔබේ සිතින් මා සදහට අමතක කරලනු මැනවි ප්‍රියේ
අමතක කරලනු මැනවි ප්‍රියේ
වලාකුලක් මෙන් ඈතට පාවුන නිම් නැති අඹර දිගේ
රන්මිනි දද බැඳි සුවිසල් මැදුරුද පොළොවට සම වෙන්නේ
හුන් හඬ දීගෙන දිව යන දිය රැළි වැලි මත වියලෙන්නේ
හිතන දෙයම නොව නොසිතන දෙය වන ලොවකය අප ඉන්නේ
ඔබේ සිතින් මා සදහට අමතක කරලනු මැනවි ප්‍රියේ
අමතක කරලනු මැනවි ප්‍රියේ
වලාකුලක් මෙන් ....