ගී පද

වැල් මී වැල් වල මී මල් පිපිලා 
රබන් සුරල් හඬ ඒ මල් සුවඳට මුසුවන්නේ 
සිව් සිය ගව් උස ඔටුනු පැළඳගෙන 
අවුරුදු කුමරෙක් ඒ මල් සුවඳ දිගේ 
ගම්මානේට ඒවී 

බෝග ඉහපු තැන් මල් ඵල පිරිලා 
අලුත් බතින් බත මේස සැදෙන 
අවුරුදු කාලේ 
නාග ලොවින් ගෙන ආපු බුලත් ගෙන 
දෝතට නමකර වැඩිහිටියන් වැඳ 
විවරණ ගත්තෙමු සිත බාලේ 

වැල් මී වැල් වල...

නොනගත කාලෙට අතැඟිලි 
අරගෙන පන්සල් යන්නට 
සිංහල අවුරුදු එන වේලේ 
නානුමුරේ දා හිසතෙල් ගාගෙන 
නෑගම් යන්නට පය ඉස්සර කර 
එනවද ඔබ අවුරුදු කාලේ 

වැල් මී වැල් වල...