වැහිදාට දේදුන්නwaehidhaata dheedhunna

Wahidata Dedunna

ගී පද

වැහිදාට දේදුන්න වගෙ අම්බරේ
මේ වැහිදාට දේදුන්න වගෙ අම්බරේ
පැතුව සංසාරේ මනමාලි ඔබදෝ ප්‍රියේ 
මාගෙ සිත පෙම් පුරා
ඔබට ලං වෙයි සදා
සුවඳ සිප ගන්න දෙව් දුවනියේ හද පුරා
ඔබය මන රංජනී ආදරේ කැන්දනා

සුමුදු පෙම් මල් නෙලා
රුසිරු සිත සරසලා 
රැගෙන යමි ලදුනි පෙම් පහන හද දල්වලා
කුඹුරු අස්වැද්දිලා නෙක පලින් බර වෙලා
සොඳුරු වස්සානේ ඔබ රැජිනියයි මට සදා

වැහිදාට දේදුන්න වගෙ......

කුමුදිනිය ඇහැරිලා තරු වටා සැරිසරා
ගයන පෙම් ගීය ඇහුනාද මන් මත් වෙලා
පිනි දියෙන් නැහැවිලා යාය මල් බර වෙලා
සැදුව සිරි යහන අද ඔබට මට වෙන් වෙලා

වැහිදාට දේදුන්න වගෙ......